බොදුනුවකු විසින් දෑසින් දැකිය යුතු සුවිශේෂී ස්ථාන ලෙස සිද්ධාර්ථ කුමරුන් උපන් ස්ථානය , සිදුහත් ගෞතමයන් බුද්ධත්වයට පත්වූ ස්ථානය , ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ ස්ථානය හා බුදුන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදු වූ ස්ථානය යි. බොදුනුවන් විශ්වාස කරන පරිදි එම ස්ථාන දැකගැනීමට ඔවුහු දඹදිව වන්දකා චාරිකා කරති.
ඒ හැරුනු විට බොදුනුවකු විසින් චාරිකා කොට දෑසින් දැකිය යුතු මහා පින් බිමක් වන්නේ මියන්මාරය හෙවත් බුරුමය යි. බුරුමයේ ඇති රන්පැහැයෙන් බැබලෙන දහස් ගණනින් වූ මහා දාගැබ් සමුදාය නිසාම බුරුමය හෙවත් මියන්මාරය " රන් දිවයින " ලෙසින් ද හඳුන්වනු ලබයි.
පළපුරුදු චාරිකා සංවිධායක වරයෙකු වූ මහනුවර, තැන්නකුඹුරේ " වජිර ටුවර්ස් " ආයතනයේ අධිපති වජිර කාරියවසම් මහතා සමග 2018 දී මුල් වරට මියන්මාරය දැක බලා ගැනීමේ චාරිකාවක යෙදුනු මා ඊළග වසරේ එනම් 2019 දී නැවතත් මියන්මාරය දකින්නට යන්නට තීරණය කළේ 'වජිර' ගේ සංවිධාන දක්ෂතාවත්, ලෙන්ගතු හා සුහදශීලී පහසුකම් ද විඳිමින් අප යන සියළු ස්ථාන පිළිබඳව ඔහුගෙන් ලැබෙන ඓතිහාසික හා ආගමික පසුබිම් සහිතව කෙරෙන අර්ථාන්විත විස්තර කථනය ද නැවත විඳින්නට උවමනාවෙනි. පළමු ගමනට එක් නොවූ මාගේ ආදරණීය බිරිඳ ශ්‍රියානි ද මේ චාරිකාවට එක් වූයේ චාරිකා ආශ්වාදය දෙගුණ කරවමිනි.
මේ ඒ ගමන පිළිබඳ කෙටි විස්තරයකි.
අපේ ගමන් මාර්ගය
ආරම්භක ස්ථානය - යැන්ගොන්
යැන්ගොන් සිට මොලමයින් - කිමී 280
මොලමයින් සිට බාගෝ - කිමී 195
බාගෝ සිට නැපිතෝ - කිමී 185
නැපිතෝ සිට බගාන් - කිමී 277
බගාන් සිට මොන්යා හරහා මැන්ඩලේ - කිමී385
මැන්ඩලේ අවට නැරඹුම් - කිමී 85
මැන්ඩලේ සිට පිනොල්වින් - කිමී 80
පිනොල්වින් සිට ආපසු යැන්ගොන් - කිමී 663


Ape wajira wandana gaman sanvidhanaya den hungak usass lesa budu Sancharaka katautu itama honda mattamakata karagena yeema mata mahat satutaki. Oblatah Sanvidhanayath Vajira mati tumath asirvada karami. Teruwana saranai.
ReplyDeleteAmerikawe Pradhana Addhikarana Sangahanayaka, Katugastota Uparatana Nyaka Maha Thera