4 වන දිනය - 2019-05-26
බාගෝ සිට නැපිතෝව්
![]() |
| 4 වන දිනයේ ගමනට සූදානම්ව |
අප අද යමින් ඉන්නෙ නැපිතෝව් නගරය ට. ඒ යන අතරමගදී දෙමාපියන් නොමැති දරුවන් බලාගන්නා ස්ථානයකට යන්න අවස්ථාව ලැබුණා . අප සමග චාරිකාවට එක්ව සිටින පිලියන්දල , බෝකුන්දර ධනපති- දානපති කුමාරගේ මහතා ඒ ස්ථානයට විශාල පරිත්‍යාගයක් කළා . මෙමෙ ස්ථානයේ දෙමාපියන් නැති කුඩා දරුවන් 500 ක් පමණ සුරැකිව ඉන්නවා.
නැපිතෝ වල අයියාර් හෝටලය අපේ නවාතැන වුනා.
අද දවසේ පැමිණෙන්නට බලාපොරොත්තු නෙපිතෝ නගරෙට ඇවිල්ල ඉන්නේ. නැපිතෝ කියලා කියන්නේ මියන්මාරයේ අලුතෙන් ඉදි කළ අගනගරය . මේ නගරය තුළ දඹදිව ගමනකදී දකින්නට ලැබෙන , බුදුන් වහන්සේගේ ඉතා වැදගත් වූ සතර මහා සිද්ධස්ථාන එම ප්‍රමාණයටම දකින්නට පුළුවන් . බෝසතාණන් උපත ලද ලුම්බිණිය , බුද්ධත්වයට පත් බුද්ධගයාව , පළමු දහම් දෙසුම කළ ඉසිපතනය හා පිරිනිවීම සිදු වූ කුසිනාරාව යන මේ සියලු ස්ථාන එම වටාපිටාව හා එම පරිමාණයට ම ඉදි කර තිබීම සුවිශේෂී අවස්ථාවක් . මියන්මාරයට පැමිණෙන කෙනෙකුට ඉන්දියාවේ දඹදිව සතර මහා සිද්ධස්ථාන දැක ගැනීමේ අවස්ථාවන් ඉබේම ලැබෙනවා.
නෙපිතෝ හි ඔකි තා රා ( oke tha ra) දාගැබ හා විහාරය .. ලංකාවේ නිතරම දකින්නට ලැබෙන ' සුදු අලි ' ඉන්නෙ මේ පන්සලේ.







































No comments:
Post a Comment