Day 2 - යැන්ගොන් සිට මොල්මියන්

මියන්මාර සංචාර සඳහා ශ්‍රී ලංකාවේ සිට යන කණ්ඩායම් නොයන ප්‍රදේශයකින් අපගේ ගමන අරඹන්නට වජිර ටුවර්ස් සැළසුම් කර තිබුනා. ඒ තමන් මියන්මාරයේ දකුණු ප්‍රදේශය. හරියට යැන්ගොන් කුරුණෑගල නම්, හැමෝම සාමාන්‍යයෙන් යන අනුරාධපුර ගමන වෙනුවට මුලින්ම තිස්සමහාරාම, කතරගම ගිහින් ආයෙත් අනුරාධපුර ගියා වගේ. කොහොම උනත් මේ දකුණු ගමන නිසා ඉතාම වැදගත් ස්ථාන කිහිපයක් ම දැක බලාගන්නට අවද්ථාව ලැබුනා. ගමනාන්තය වුනේ මොලමියන් නගරයයි. 

මොලමියන් බුරුමයේ තුන්වන විශාලතම නගරය වගේම මොන් පළාතේ විශාලම නගරයයි. අපේ ගමන කිමී 280 ක් දුර වූවා පමණක් නොව අතරමග දී හමුවන තාටොන් නගරයේ සිට කිමී 70 ක් දුරින් පිහිටා තිබුනා.






කඩා වැටී ඇති වසර සිය ගණනක් පැරණි බුද්ධගයා දාගැබේ නටබුන් පසුබිමේ පෙනේ.


අතරමග අපිට හම්බවුණා අපූරු විහාරය ක්. හන්තාවදී බුද්ධ ගයා ( Hantharwaddy budhagayaa ) ලෙස මෙය හඳුන්වනු ලබනවා. මෙහි වසර දහස් ගණනකට පෙර ඉන්දියාවේ බුද්ධගයාවේ අනුරුවක් ඉදිකර තිබූ අතර , එය පසුව භූමිකම්පාවකින් බිඳවැටී තිබෙනවා . අද එම කොටස් සුරක්ෂිතව තිබෙන අතරම ඒ අසල කුඩා බුද්ධගයාවක් ඉදිකර තිබෙනවා. ඒවගේම මෙහි ඉතා දර්ශනීය චිත්‍ර හා පිළිම රැසක් තිබෙනවා. හන්තාවදී විහාරයෙන් (Hantharwaddy budhagayaa) නික්ම යන්නේ කිලෝ මීටර් දෙසිය පනහක් පමණ ඈත , අද ලෝකේ දැනට ඉදිවන ඉදිකර තිබෙන විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමාව දකින්නයි.










මියැන්මාර් ගමනේ පළවෙනි දවසෙම අපේ ගමනාන්තයට යන්න කලින් Kyaiktiyo Pagoda එහෙම නැත්නම් අප දන්නා අයුරු කියනවනම් golden rock බලන්න යන්න අවස්තාව ලැබුණා . මෙය ඉතාමත් සුන්දරයි වගේම පුදුම හිතෙන සුළු ස්ථානයක් ලෙසටයි කවුරුත් හඳුන්වන්නේ . මෙහි ගල් තලාවක් මත ඉතාමත්ම අඩමානෙන් රැඳී තිබෙන විශාල ගල් පර්වත ගෝල් එක ට කුඩා චෛත්‍යය ඉදිකර තිබෙනවා .

මෙය රන් පැහැයෙන් වර්ණගන්වා ඇති නිසා මෙය සලකන්නේ golden rock නැත්නම් රත්තරන් කන්ද කියායි. එහි ඇති විශේෂත්වය නම් මෙම ස්ථානයට පැමිනෙන බොහෝ දෙනා තමන්ගේ ප්‍රාර්ථනා ඉටු කරන ස්ථානයක් ලෙස සැලකීමයි. මෙතනට පැමිණෙන පෙම්වතුන් තමා ආදරය සඵල කර දෙන ලෙස වගේම පවුල්වල විවිධ ඉල්ලීම් ප්‍රාර්ථනා ඉටුකර දෙන්න මෙතැනින් ඉල්ලා සිටින්නට පුරුදු වී තිබෙනවා. ඒ නිසාම හැම කෙනෙක්ම කුඩා සීනුවක් මෙතැන ඇති කොතැනක හෝ එල්ලා තම ප්‍රාර්ථනාව කරනවා .ඒ වගේම රන් පැහැයෙන් යුතු කුඩු ඇතුලත් කුඩා දවටන ගෙනවිත් මෙහි මවත් ආලේප කරන්නටත් කවුරුත් මතක තබාගන්නවා. 




golden rock වලට යන්න තියෙන්නේ හරි අපූරු ගමනක්. ලෑලි බංකු සවි කරපු තට්ටු ලොරි වල තමයි මේ ගමන යන්න තියෙන්නේ . මුහුදු මට්ටමින් අඩි 3800 පමණ උස මේ කඳු මුදුනට වෙන වාහන වලට යන්න දෙන්නෙ නෑ. basecamp ලෙස හදුන්වන නවාතැන්පොළට පැමිණි බස් රථය , එතැන නවත්තලා එතැන් සිට මේ ට්‍රක් එකේ තමයි යන්න වෙනවා. සියලුම දෙනාට මේ ගමන පොදුයි . කිසිවෙකුට පුද්ගලික වාහනවල යාමට හැකියාව නෑ.







ගමනේ පලමු දිනයේ හමුවූ දැවැන්ත බුද්ධ ප්‍රතිමාව හදුන්වන්නේ gaudama buddha ලෙසයි . එය දානපතියන් යුවලකගේ ධන පරිත්‍යාගයෙන් ඉතා මෑතකදී ඉදිකරන ලද මෙම පිළිම වහන්සේ අඩි දෙසිය පනස් පහයි අඟල් හයක් උසින් යුතු බව දැනගන්නට ලැබුණා . මෙහි ඇතුලත විහාරයක් ඉදිකර තිබෙනවා . මෙය පුද්ගලයෙකුගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ බොදු නිර්මාණය ක් සැබවින්ම පුදුම සහගතයි.












No comments:

Post a Comment