Day 6 - බගාන් සිට මැන්ඩලේ

බගාන් වල නැවතී සිටි බගාන් ස්ටාර් හෝටලයෙන් උදෑසන සමු ගත්තේ මැන්ඩලේ වෙත යන්නයි. මේ හෝටලයේ කළමණාකාරවරිය ලෙස කටයුතු කළේ ඔස්ට්‍රේලියානු ජාතික තරුණියක වූ බියට්‍රිස් . ඇයගෙන් සමුගෙන පිටත්වුනා.



මේ රූපය බගාන් රාජධානිය කොට රජකළ , වෙහෙර විහාර දස දහසක් තැනවූ 'අනවරත' රජු.




බුරුම වැසියන් පවුල් පිටින්ම විහාරයට පැමිණ ආගමික වතාවත් කරනවා.



මේ තියෙන්නෙ බුරුමයේ අට පිරිකර.

මැන්ඩලේ යන අතරමග දී දකින්නට ලැබුනු වැදගත් විහාරයක් , සාරාඛාන් සඳුන් බුද්ධ ප්‍රතිමා විහාරය. මෙම විහාරය ඉදිකර ත්බෙන්නේ ක්‍රිව 1118 දී අලවුන්ග්සිතු රජතුමා විසින්. මෙහි ප්‍රමාණය ඉතා කුඩා වන අතර, එම පිළිමය තැන්පත් කර තිබෙන ආකාරය අනුව එය නැරඹිය යුත්තේ කුඩා දේ ලොකු කර බලන කාචයක් තුළිනුයි.







බුද්ධ ප්‍රතිමා 512028 ක් තැන්පත් කර ඇති මොහියන් විහාරය
Mohnyin Sambuddha Pagoda

මෙය විශ්මිත නිර්මාණයක්. ලොව පහල වී ඇති බුදුවරයන් ගේ ගණන ලෙස සළකමින් මෙම විහාරයේ බුදු පිළිම 512028 ක් තැන්පත් කර තිබෙනවා. විහාරය තුළට ගිය විට බැලූ බැලූ අත විවිධ ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා තැන්පත් කර තිබෙනු දැකිය හැකියි.









අප එහි සිටියදී එහි පැමිණි නව විවාහ යුවලක්..




මහාබෝධි තැටූන් සෙනසුන හා ලේක්‍යුන් සාක්‍යා බුද්ධ ප්‍රතිමාව



මෙම බුද්ධ ප්‍රතිමාව මියන්මාරයේ උසම බුදු පිළිමය වන අතරම ලෝකයේ උසින් දෙවන ස්ථානයේ ඇති හිටි බුදු පිළිමයයි. මෙය සම්පූර්ණයෙන්ම අඩි 425 ක් උස් වන අතර, එය වේදිකාව අඩි 44 ක් හා පිළිමයේ උස අඩි 381 ක් ලෙස ඉදි කර ඇත. මෙය ඉදිකර ඇත්තේ තට්ටු 31 ක ගොඩනැගිල්ලක ආකාරයෙනි. පිළිමයේ ඇතුළත එක් එක් තට්ටු වල බුද්ධ චරිතයේ හා වෙනත් විශේෂ රූප අඹා අලංකාර කර ඇත. තට්ටු 31 න් දක්වා ඇත්තේ සත්වයෙකු හට ඉපැදිය හැකි ලෝක 31 යි. යූ. නාරද හිමියන් විසින් 1995 දී වැඩ ආරම්භ කරන ලදුව 2008 දී පිළිමය ඉදිකිරීම අවසන් කර ඇත.




මෙම පිළිමය නැරඹීමේ විශේෂයක් වන්නේ පැමිණෙන බස් රථය කන්ද පාමුල නවත්වා එතැන් සිට සෑම කෙනෙකුම මෝටර් බයිසිකලයකින් කඳු මුදුනට යා යුතු වීමයි.







ඒ අසළම සැතපෙන පිළිමයක් හා හිටි පිළිමයක් ද ඉදි කර ඇත. සැතපෙන පිළිමය වැඩ අවසන්ව ඇති අතර හිඳි පිළිමයේ සම්පූර්ණයෙන්ම වැඩ නිමවා නැත. 


මහා මුණි විහාරය හා පිළිමය

මියන්මාරයේ බෞද්ධ ජනතාව අති මහත් ගෞරවයෙන් යුතුව පුද පූජා පවත්වන ස්ථානයකි , මහා මුණි විහාරය. මෙහි ඇති මහා මුණි පුළිමය රන් වලින් නිමවා ඇති අතර වටිනාකම මැණිය නොහැක. යකඩ දොර ආවරණයකින් ආරක්ෂා කර ඇති මෙම පිළිම වහන්සේ ට දිනපතා අළුයම 4 ට තේවාව පවත්වා පුද පූජා පවත්වනු ලැබේ. සවස නැවත විහාරාධිපති හිමියන් හා ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා ඉදිරියේ දොරටු වසා අගුළු දමා මුද්‍රා තබනු ලැබේ.

According to legend, the Gautama Buddha visited Dhanyawadi, the capital city of Arakan during his travels on a Proselytizationmission to spread Buddhism. During the 26th anniversary of the King at the time, a devout Buddhist, the Buddha accompanied by Shin Ananda and 500 disciples‍ෙ landed at Salagiri mountain peak near Khaukrah town. The King of Arakan, along with his Chief Queen Sandra Mala (with her retinue of 1,600 ladies in waiting), and an entourage of ministers, generals and officials, paid homage to the Buddha. They were deeply moved by his teachings and upon his departure to Thawuthi (Sravasti), the King insisted that he leave his image for people to worship. For this purpose, the Buddha then sat under a Bodhi tree for a week of meditation. During this time Sakka (in Pāli, the ruler of the Tavatimsa [in sanskrit called [Trāyastriṃśa]] one of the heavens in Buddhist cosmology, supported by his assistant Vissakamma, moulded a lifelike image of the Buddha using ornaments donated by the king and his people. It is also said that Sakka and Vissakamma (or Vishvakarman) created a separate pavilion for the Buddha to live and enjoy during these seven days. After looking at his own lifelike image, believed at the time to have been his only true-likeness, Buddha was pleased and "imbued the image with his spiritual essence", or "enlivened and consecrated" the image, naming it "Candasara".He also stated that the image would last for five thousand years as his representative.
Historian Juliane Schober has very succinctly explained this legend and the cult worship that has evolved around the "living" double image of Mahamuni Buddha:






 සුප්‍රසිද්ධ ජේඩ් දාගැබ - අමරපුර    Jade Pagoda 

මැන්ඩලේ හි අමරපුර ප්‍රදේශයේ පිහිටා ඇති ජේඩ් දාගැබ ඉතා වටිනා ඉදි කිරීමකි. මියන්මාරය පුරා විවිධ ප්‍රදේශවලින් එකතු කර ගන්නා ලද විවිධ වර්ණ හා හැඩතල වලින් යුතු ජේඩ් පාෂාණ කැබලි යොදා තනන ලද මෙම දාගැබ ( කන්ද මුදුනේ දාගැබ පමණක් ) අඩි 75 ක් උසින් යුක්තය. බුරුමයේ අතීත ඉදිකිරීම් විශාල සංඛ්‍යාවකට වරින් වර ඇති වූ භූමිකම්පා වලින් හානි සිදු වූවද, ජේඩ් දාගැබට රිච්ටර් 6.59 කින් යුතු භූමි කම්පාවකින් වුවද හානි සිදුවී නැත. මෙම දාගැබෙහි ටොන් 850 ක බරකින් යුතු ජේඩ් පාෂාණ අලවා ඉදිකර ඇත. 









No comments:

Post a Comment