2019 මැයි 25 දා .....
පෙර දින රාත්‍රී නවාතැන් ගත් Hotel K S හෝටලයෙන් උදෑසන ආහාරය කුස පිරෙන්නට ප්‍රනීත ලෙස සප්පායම් වී තුන්වන දිනයේ ගමන් අරඹන්නට පෙර කණ්ඩායම් ඡායාරූපයක් ගන්නට අමතක කළේ නෑ. සමගිව , සුහදව, එකම පවුලක සාමාජික පිරිසක් බඳුවූ අප 16 දෙනා වජිර මියන්මාරයට කැඳවා ගෙන ආ අඩුම පිරිසක් වූ කණ්ඩායම බම ඔහු පසුව මා සමග කීවා.
ක්‍රි.ව. 875 දී මුට්පි රාජා රජතුමා විසින් අඩි 56 ක් උසට තැනූ මෙම දාගැබ පසුව අනවරත රජු විසින් අඩි 150 ක් දක්වා උස් කොට තනා තිබෙනවා. මෙය මියන්මාරයේ 'මොන්' පළාතේ ඇති උසම දාගැබයි.
එකම අයුරින් හැඳ පැළැඳ සිටි මේ බුරුම පිරිසට කළ ආරාධනාව ඉතා නිහතමානීව පිළිගත්තා.
විහාරය තුළ භාවනායෝගීව සිටි බුරුම තරුණයෙක්
වින් සෙන් තෝ යා - ලොව විශාලතම සැතපෙන බුදු පිළිමය
මෙය ඉතා අපූර්ව නිර්මාණයක්. අඩි 30 ක් උස හා අඩි 180 ක් දිගින් යුතු මෙම සැතපෙන බුද්ධ ප්‍රතිමාව තවමත් සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කර නැහැ. මෙම පිළිමයේ බඳ තුලට ගමන් කළ හැකි අතර එය තට්ටු 8 ක ගොඩනැගිල්ලක් ලෙස සකස් කර තායෙනවා. ඒ එක් එක් තට්ටු වල බුදුන් වහන්සේගේ බුද්ධ ජීවිතය තුළ සිදුවූ විශේෂ සිදුවීම් රූප ඇඹීමෙන් පෙන්වා දී තියෙනවා.
මෙම පිළිමය නිර්මාණය කරවන්නට පුරෝගාමී වූ අධි ධ්‍යානලාභී භික්ෂුන් වහන්සේ නමකගේ දේහය වසර ගණනාවක් තිස්සේ සුරක්ෂිත කොට තබා තියෙනවා. බුරුම ජාතිකයන් විශ්වාස කරන්නේ මෙම භික්ෂූන් වහන්සේ රහත් භාවයට පත් වූ අයෙකු ලෙසයි.
බුද්ධ පූජාව තැන්පත් කර ඇති අයුරු
තාටෝන් හි උණ පතුරු බුද්ධ ප්‍රතිමාව -
Bambo Stips Pagoda - Thaton
මෙය මියන්මාරයේ ඇති බුද්ධ ප්‍රතිමා අතර සුවිශේෂී තැනක් ගනී. උණ පතුරු භාවිතා කරමින් වියමන් දමා නිර්මාණය කර ඇති මෙම බුද්ධ ප්‍රතිමාව බුරුමයේ ඇති උසම උණ පතුරු බුද්ධ ප්‍රතිමාවයි. මෙවැනි බුද්ධ ප්‍රතිමා 14 ක් බුරුමය පුරා විවිධ ස්ථාන වල නිර්මාණය කර ඇති අතර ඒවා සියල්ල නිර්මාණය කර ඇත්තේ ඒ සඳහා ඉතා දක්ෂ වූ එකම නිර්මාණ කණ්ඩායමක් වීස විශේෂයකි. තාටෝන් හි ඇති මෙම ප්‍රතිමාව අඩි 31 1/2 ක් උස වන අතර පෙරකී ප්‍රතිමා 14 න් උසින් අඩුම පිළිමය අඩි 3 කි.
එය උණ පතුරු යොදා නිර්මාණය කළ අවස්ථාවේ ගත් ඡායාරූප පෙළක් ද එහි ප්‍රදර්ශනය කර ඇත.

























No comments:
Post a Comment