අපගේ මියන්මාර චාරිකාව ඇරඹුනේ 2019 මැයි 22 වන දා. අප්‍රියෙල් 21 ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණු බෝම්බ පිපිරවීම් නිසා මෙවර ගමනට සූදානම්ව සිටි කිහිප දෙනෙකු තම ගමන පසුවට කල් දමා තිබුනත් , අපට මෙම ගමනට සංවිධානය කරන වජිර ටුවර්ස් අධිපති වජිර කාරියවසම් මහතා ඉතිරි වූ 16 දෙනා කැඳවාගෙන ගමන යන්නට තීරණය කළා. පසුගිය වසරේ මා මියන්මාරයේ චාරිකාවකට වජිර ටුවර්ස් සමග එක්වී තිබුනත් මෙම ගමන මාගේ ආදරණීය බිරිඳ ගේ පළමු මියන්මාර ගමන වූ නිසා මා දෙවන වරටත් එකතු වන්නට තීරණය කළා. ඒ පළමු ගමනේ දී දැක බලාගත් ස්ථාන වලට අමතරව තවත් අලුත් ස්ථාන රැසක්ම මෙවර ගමනට එක් කර ඇති බවට දුන් වජිර ගේ පොරොන්දුව මතයි.
![]() |
| අපි දෙන්නා ශ්‍රී නිමල් - ශ්‍රියානි |

මියන්මාරයේ යැන්ගොන් ( අතීත රැන්ගුන්) නගරයට අප එන විට 23 දා සවස වී තිබුනා. දැඩි ගමන් වෙහෙස නිසාම පළමු දිනය ලෙස එදින නරඹන්නට යාමට තිබූ ස්ථාන පසුව දිනයකට කල් දමා සුවපහසු හෝටලයේ කාමර සොයා ගෙන ගියා. Hotel Grand United අපූරු සුවපහසු නවාතැනක්.
පසුවදා 24 වනදා හෝටලයේ ආපන ශාලාවෙන් ලද සුපිරි උදෑසන ආහාර වේලකින් පසු ගමන පටන් ගත්තා. පළමු උදයේ ම කණ්ඩායමේ ඡායාරූපයක් ගන්නට අමතක කළේ නෑ.




No comments:
Post a Comment