Day 8 - මැන්ඩලේ සිට පියන්ඕල්වින්

මැන්ඩලේ සිට යන අතරමග දී ඉතා පැරණි උද්භාද උද්‍යානයක් නරඹන්නට අවස්ථාව ලැබුනා. එය තමයි ' ජාතික කන්දෝජි උද්භාද උද්‍යානය ' එය ඉතා සුන්දර ස්ථානයක්.









පීක් චින් මින් උමං විහාරය - Peik Chin Myaung Cave Pagoda

මෙවර මියන්මාර චාරිකාවේ දී දැකගත් තවත් විශේෂ ස්ථානයක් වූයේ පීක් චින් මින් උමං විහාරයයි. එය පිනොල්වින් සිට කිමී 23 ක් ඈතින් පිහිටා තිබෙන හුණුගල් ගුහාවක්.  මෙම හුණුගල් පිහිටීම අවුරුදු මිලියන 230 ක් හා 310 ක් අතර කාලයේ බව කාල නිර්ණ වලින් හෙලිවී තියෙනවා. මෙය පළමුවෙන්ම නේපාල ජාතිකයන් පිරිසක් විසින් මියන්මාර රජයේ ද උලකාර හා සහයෝගය ඇතිව 1990 දී ආරම්භ කර තිබෙනවා. මෙම උමං සංකීර්ණය අක්කර 43 ක් සිසාරා කන්ද තුළ පිහිටා තියෙනවා. උමං විහාරය තනා ඇති දෝනාවේ ඇතැම් තැනක් අඩි 66 ක් දක්වා උස් වන අතර මීටර 1600 ක් දිගින් යුක්ත වෙනවා. මෙය තුළ බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිධ අවස්ථා ඉතා දර්ශනීය ලෙස රූප නෙළා ඉදිකර තියෙනවා.










පින්ලොවින් දුම්රිය ස්ථානය - Pyin Oo Lwin Railway Station

මියන්මාරයේ දුම්රිය සේවය එතරම් දියුණු මෙන්ම ප්‍රචලිත මගී ප්‍රවාහන ක්‍රමයක් වී නැහැ. බුරුමය බ්‍රිතාන්‍යයට යටත්ව තිබූ කාලයේ ඉදි කරන ලද පිනොල්වින් දුම්රිය ස්ථානය අදත් දැකිය හැකි වන්නේ එම යටත් විජිත ලක්ෂණ ඇතිවයි. 









ගමන කෙළවර රාත්‍රී නවාතැන පිනොල්වින් ,  Shwe Nan Htike  හෝටලය




No comments:

Post a Comment